Laravel කියන්නෙ ලොව පුරා web developers ලා අතර ඉතා ජනප්‍රිය PHP framework එක. එහි ඇති සරල බව හා භාවිතයේ පහසුව නිසා ඉතා ඉක්මනින් ඉගෙනගන්න පුලුවන් web development framework එකක්. Laravel හි සෑම අලුත් update එකක් එක්කම එය තව දුරටත් වැඩිදියුණු වෙමින් වඩාත් හොද සහ scalable web applications සෑදීමේ හැකියාව ලබා දෙයි. එහි අලුත්ම release එක Laravel 12 පසුගිය පෙබරවාරි මාසයේ නිකුත් කරන ලදී.
මෙතැන් සිට අපි Laravel 12 පිලිබදව විස්තරාත්මකව කතා කරමු. ඔබ අධුනිකයකු හො මේ පිලිබඳව පලපුරැද්දක් ඇති අයෙකු වුවද ඔබට මෙය ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.
🤔 මොකක්ද Laravel කියන්නෙ?
Laravel 12 පිලිබඳව කතා කරන්න කලින් අපි බලමු මොකක්ද මේ Laravel කියන්නෙ කියලා. Laravel කියන්නෙ MVC(Model-View-Controller) කියන architecture එක භාවිතා කරමින් නිර්මාණය කරන ලද PHP framework එකක්. මෙම framework එක මගින් අපට authentication, session management, routing, database handling වගේ tools සහ features බොහොමක් ලබා දීල තියෙනවා අපේ web development process එක පහසු කරගන්න.
Model-View-Controller (MVC)
Application development වලදි use බහුලවම භාවිතා කරන architectural pattern එකක්. මෙහිදී View එක User interface එක display කරනවා, Controller එක User inputs manage කරලා Model එකත් එක්ක interact වෙලා අදාල logics සහ functions ටික run කරනවා, Model එක database එකත් එක්ක connect වෙලා data handle කරන කොටස කරනවා. View එකට User ලබාදෙන data හෝ inputs අනුව Controller එක, Model එක හා සම්බන්ද වෙලා data update කරලා, ඒ information View එකට ලබාදෙන එක කරනවා.
Framework
නැවත භාවිතා කල හැකි පරිදි ලියා ඇති code structure එකක් වන අතර එය යම් software එකක් හෝ application එකක් නිර්මාණය කිරීම සදහා මූලික පදනමක් සපයයි. software එකක් වඩාත් කාර්යක්ෂම ලෙස නිර්මාණය කර ගැනීමට උපකාර වන tools, libraries, සහ standards මෙහි ඇතුලත් වේ. software එකක හෝ application එකක පොදුවේ තිබිය යුතු functions සහ standards සහිත නිශ්චිත standard එකකට නිර්මණය කරපු blueprint එකක්.
💡 Laravel ජනප්‍රිය වීමේ හේතු
- Beginner Friendly - Clear documentation එකක් වගේම මූලික දැනුමක් තියෙන කෙනෙකුට වුනත් ඉතා පහසුවෙන් ඉගනීමේ හැකියාව.
- Rich Built-in Features - Authentication, Routing, Caching, Session handling වගේ බොහෝ features තියෙනවා.
- Community Support - ඉතා විශාල Active community එකක් ඉන්නවා.
- Security - XSS, CSRF වගේ common attacks වලට built-in protection තියෙනවා.
Laravel 12 වලට අලුතින් එකතු වු features
Laravel 12 එකෙන් ගොඩක් Performance Improvements, Developer Productivity Tools සහ අලුත් Features කිහිපයක් introduce කරල දීල තියෙනවා.
- Speed සහ Performance වැඩිදියුණු කරල තියෙනවා.
- React, vue වගේ frontend frameworks වලට තියෙන support එක තවත් වැඩිදියුණු කරල තියෙනවා.
- Database Handling, Query performance optimize කරල තියෙනවා.
- Frontend වලට තියෙන UI libraries support එක වැඩි කරල තියෙනවා.
- Type safety, Custom Model cast වගේ features එකතු කරල තියෙනවා.
Laravel 12 කියන්නෙ PHP Developers ලාට ලැබුණු තවත් ලොකු update එකක්. Performance, Scalability සහ Real time app development පවා Laravel එකෙන්ම කරන්න පුලුවන් තත්වයට ආවෙ මේ version එකෙන්.
Laravel Documentation - https://laravel.com/docs/12.x
Laravel 12 install කරන ආකාරය
Laravel project එකක් ආරම්භ කිරීමට පහත පියවර අනුගමනය කරන්න.
පියවර 1: Install Composer
Laravel install කිරීමට Composer කියන PHP dependency manager එක මුලින් install කරගන්න ඕන. getcomposer.org වෙතින් download කරගන්න පුලුවන්.
පියවර 2: Install NodeJS
React, Vue වගේ frontend framework එකක් භාවිතා කරනවනම් අනිවාර්යෙන්ම nodejs install කරලා තියෙන්න ඕනි. Download NodeJS.
පියවර 3: අලුත් Laravel project එකක් create කිරීම
Composer සහ Node.js install කරගත් පසු පහත command එක භාවිතා කරලා අලුත් project එකක් create කරගන්න පුලුවන්.
composer create-project --prefer-dist laravel/laravel myproject
newproject කියන තැනට ඔයාගෙ project එකේ නම දාන්න.
අමතර install කරන ආකාර දැනගැනීමට 👉 https://laravel.com/docs/12.x/installation
පියවර 4: Project එක run කරන ආකාරය
cd myproject
npm run dev
php artisan serve
📌 Laravel ගැන තවත් ගොඩක් දේවල් දැනගන්න, අපේ Blog එකත් එක්ක එකතුවෙලා ඉන්න!