AI හරහා තාක්ෂණික ලෝකය වෙනස් වෙමින් පවතියි. Google සමාගමේ Firebase Studio කියන අලුත්ම Platform එකත් එක්කම, Agentic AI Software Engineering කියන නව සංකල්පයත් දැන් ලෝකයම කතා කරන තරම් වටිනා විෂයක් වෙලා. Devin AI වගේ projects වලින් ආරම්භවුණු මේ යුගය, developer කෙනෙකුගේ හැකියාවන් තවදුරටත් සීමා නොකරමින් ඒවාට සහය වෙමින් AI tools වල භාවිතය හරහා ඉක්මන්, කාර්යක්ෂම වෙනස්ම development culture එකකට ඔවුන්ව ගෙන යනවා. Code ලියන එකේ limitation එකක් නැතුව, whole software system එකක් build, debug, deploy කරන්න පුළුවන් කියලා කියලා hype එකක් ආවා. මේ ලිපියෙන් අපි ඒ ගැන කතා කරමු.
🤖 Agentic AI Engineers vs 🧑💻 Vibe Coders – වෙනස මොකද්ද?
Vibe Coders කියන්නේ කව්ද?
"Vibe Coders" කියන්නෙ unofficial slang එකක්. මේකෙන් අදහස් වෙන්නෙ modern AI tools (උදා:- ChatGPT, Github Copilot, Notion AI) භාවිතා කරමින් deep understanding එකක් නැතුව codes ලියන අය.
මේ අය ගොඩක් දුරට AI tools වලින් දෙන Prompt copy/paste කරලා UI parts සහ code snippets භාවිතා කරල functions ගොඩක් use කරල AI generated code trust කරලා ඒ්වා debug නොකර වැඩෙි හරි කියල සම්පූර්ණ කරනවා.
මොකක්ද මේ Agentic AI Software Engineering කියන්නෙ?
“Agentic AI” කෙනෙක් කියන්නෙ අපි දෙන task එකක්, ඒක පුලුවන් උපරිමයෙන් automate කරලා, reasoning කරලා, retry කරලා ඕන දේවල් plan, execute, debug කරලා final results එකක් produce කරන AI එකක්.
සරලවම කියවනම් ChatGPT වගේ Chat Based model එකකින් අපට අවශ්‍ය Code එක ලියාගෙන ඒක අපට භාවිතා කරන්න පුලුවන්. නමුත් ඒකෙ සැලකිය යුතු මට්ටමක අඩුපාඩු සහ errors තියෙන්න පුලුවන්. ඉතින් අපට මේ විදිහට නැතුව AI Agent කෙනෙක් හරහා මේ ඔක්කොම (ඔයාගෙ project එකට අදාල frontend, Backend සහ database structure එක වගේ දේවල්) files ටික generate කරලා AI එක හරහාම code එක analyze කරලා run කරලා ඒකෙ bugs තියෙනව නම් ඒ ටිකත් fix කරලා ඒක වැඩ කරන්න පුලුවන් තත්වෙට එයාම හදාගන්නවා.
AI agent කෙනෙක් developer කෙනෙක් සහය දෙනවා නෙමෙයි, තවත් developer කෙනෙක් වගේම වැඩ කරනවා.
Vibe coders ලා fast delivery එකට OK. හැබැයි Future of Engineering කියන්නේ Agentic AI Engineers ලා. AI එකෙන් code ලියන එක තමා start එක හැබැයි ඒ code එක Analyze කරලා , Test කරලා , Organize කරලා සම්පූර්ණ final product එකක් හදන එක තමා Engineering.
Firebase Studio සහ Agentic AI
Firebase Studio එකත් මේ agentic concept එකේ තවත් පියවරක්. මෙමගින් හැම developers කෙනෙක්ටම less-code හෝ low-code විදිහට system design කරන්න.
👉 https://studio.firebase.google.com - ඔයාලටත් දැන් මේක ට්‍රයි කරලා බලන්න පුලුවන්

මෙතනින් ඔයාට කැමති Prompt එකක් දීලා try කරල බලන්න. Firebase Studio එකෙන් ඔයා දෙන prompt එකට අදාලව project එක create කරල දෙයි. ඒවා online VS Code editor එකක් හරහා preview කරලා modify කරගන්නත් පුළුවන්.

Firebase Studio - Frameworks සහ Support
මේක Software Engineering Field එකේ ලොකු step එකක්. ඉතින් පහු ගිය දවස් වල ලොකු සද්දයක් එක්ක Firebase Studio එක Release වුණා. මේක හැම කෙනෙක්ටම පාවිච්චි කරන්න පුලුවන්.
Firebase Studio එකෙන් මේ වනවිට පහත frameworks සපෝට් කරනවා:-
- Next.js
- Flutter
- Spring Boot
- React
තවත් බොහෝ tech stack එකකට support එක expand වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක future-ready platform එකක්. Software Engineers ලාට මේකෙන් හොද productivity boost එකක් ලැබේවි.
Vibe Coders vs Real Engineers – Cyber Security අභියෝග
අද vibe coding කියන එක fast development එකට හොඳයි. නමුත් proper security, performance, scalability ගැන තේරුම් නැතිව හදිසියේම ලියපු AI-generated code එක tomorrow production-ready නම්, Cybersecurity threats වලට invitation එකක්.
ඉතින් vibe එකට වැඩ කරන එක හරි. ඒත් system එක Secure, Testable, Scalable වෙන්න ඕන කියලා මතක තියාගන්න. 😁
ඔබත් Firebase Studio භාවිතා කරලා බැලුවද? Agentic Software Engineers, Vibe Coding ගැන ඔයාලගේ අදහස මොකද්ද? පහලින් කමෙන්ට් එකක් දාලා අනිත් අයටත් බලන්න share කරන්න! 👍
# Stay tuned for more Sinhala tech content from the future of coding, AI, and developer tools.