AI කියන වචනය අද වෙනකොට software industry එකේ නිතරම ඇහෙන වචනයක් වෙලා. ඉතින් මේ අතරෙ ලොව ප්‍රමුඛ AI සමාගමක් වන OpenAI සමාගම, software engineers ලගෙ වැඩ තවත් ලේසි කරන්න අලුත්ම AI Agent කෙනෙක් හදුන්වා දී තිබෙනවා Codex කියල. මෙය “codex-1” කියල නව AI model එකකින් තමා බලගැන්විලා තියෙන්නෙ. මෙයට එකවර coding tasks කිහිපයන් කිරීමේ හැකියාව පවතිනව. ChatGPT හි Pro, Team, Enterprise පරිශීලකයන් හට මෙය දැනටමත් ලබාගත හැකි අතර, Plus සහ Edu පරිශීලකයන් හටද ලබාදීමට සැලසුම් කර ඇති බව ඔවුන් සදහන් කරනවා.
👉 විස්තර - https://openai.com/codex
මොකක්ද මේ Codex කියන්නේ?
Codex යනු software developers ලාට උපකාර වන AI Agent කෙනෙක් විදිහට හදුන්වන්න පුලුවන්. මෙයට ඔබගේ Github Repository එකක් හා සම්බන්ද වෙලා ඒ code base එකේ bugs fix කරන්න, code එක modify කරන්න, test කරන්න වග් දේවල් කිහිපයක් එකවර කරන්න පුලුවන්. මේ හැම task එකක්ම ආරක්ෂිත ලෙස cloud sandbox environment එකක් තුල ස්ව්‍යංක්‍රීයව සිදුවන බව OpenAI සමාගම පවසනවා. මෙම AI model එක ඔවුන් මීට පෙර හදුන්වාදුන් o3 model එකට වඩා හොදින් code ලියන අතර ලබාදෙන උපදෙස් වඩාත් නිවැරදිව පිලිපදින සහ test සියල්ල පාස් වන තෙක් code එක update කිරීම සිදු කරනු ලබනවා.
👉 විස්තර - https://openai.com/index/introducing-codex/
Codex හි විශේෂත්වය
Codex model එක, OpenAi හි o3 model එක මත පදනම්ව පුහුනු කර ඇති නිසා මිනිස් කේතන ශෛලියට සමාන ලෙස code generate කරන්න මෙයට හැකියාව පවතිනවා. Codex, cloud sandbox environment එකක ක්‍රියාත්මක වන අතර AGENTS.md ගොනුවක් හරහා උපදෙස් ලබාගන්නවා. Codex වෙත නිවැරදිව උපදෙස් ලබාදීම සදහා මෙය උපකාර වෙනවා.
Codex හි ආරක්ෂිත බව සහ නිරවද්‍යතාවය
Codex එක ක්‍රියාත්මක වන්නේ cloud sandbox environment එකක නිසා බාහිර වෙබ් අඩවි, API, හෝ වෙනත් සේවාවන්ට හා පාර්ශවයන් විසින් access වීමෙන් සිදුවියහැකි බලපෑම් අවම බව OpenAI සමාගම සදහන් කරනවා. ඒ වගේම හානිකර software සෑදීම සදහා කරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත්, යම් ගැටලුවකදී logs හරහා ඒ පිලිබදව පැහැදිලිව දැනගත හැකි බවත් පවසනවා. නමුත් OpenAI සමාගම පවසන පරිදි codex මගින් ලියනු ලබන codes සෑම විටම මිනිසුන් විසින් review කල යුතු බවත් තව දුරටත් ප්‍රකාශ කර සිටිනවා.

Codex CLI Update එක
Codex එකත් එක්කම OpenAI සමාගම ඔවුන්ගේ Codex CLI යෙදවුමත් යාවත්කාලීන කරල තියෙනවා. මේක ඔබේ පරිගනකයේ terminal එකේ ක්‍රියාත්මක වන lightweight සහ opensource coding AI Agent කෙනෙක්.
👉 මෙතනින් ගිහින් ඔයාටත් පුලුවන් Codex CLI එක try කරලා බලන්න - https://github.com/openai/codex
ඉතින් codex, software developers ලාගේ කාර්යයන් වේගවත් සහ කාර්යක්ෂමව සිදු කර ගැනීමට උපකාර වෙනවා. මෙය code generate, testing, bug fixing වැනි කාර්යයන් ස්ව්‍යංක්‍රීයව සිදු කිරීමෙන් developers ලා හට කාලය ඉතිරි කර ගන්නත්, සිදු කරන කාර්යයන් වේගවත් කර ගන්නත් හැකියාව ලැබෙනවා.
Codex, software industry එක තුල විශාල වෙනසක් ඇති කරන AI එකක් බවට පත්වේවි.
ඉතින් ඔයාලගෙ අදහස් තියෙනවනම් මේ ගැන පහලින් comment එකක් දාලා අනිත් අයටත් දැනගන්න share කරන්න.